ශ්‍රී ලංකාව සඳහා ශුද්ධාසනයේ නියෝජිත (වතිකානු තානාපති) බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා ඊයේ ( 31) විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා.
මෙම හමුවේ දී, අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තම පළමු රාජකාරිය වූයේ, එවකට ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ත්‍රිවිධ හමුදාව විසින් ඉදිකරන ලද, මීගමුව බෝලවලානේ පිහිටි XVI වැනි බෙනඩික්ට් කතෝලික ආයතනයට උපාධි පිරිනැමීමේ තත්ත්වය පිරිනැමීම බව විදේශ අමාත්‍යතුමා පැහැදිලි කළේය.
අධ්‍යාපනය ලබා දීම සඳහා පමණක් නොව, සමාජයේ අඩු වරප්‍රසාද ලත් කොටස් සඳහා සමාජ සමානාත්මතාවය වර්ධනය කිරීම සඳහා ද මෙම ආයතනය පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළේය.
සිදු වූ ව්‍යසනකාරී හා බිහිසුණු ඛේදවාචකය සහ කතෝලික පල්ලිය විසින් විඳින ලද දැඩි වේදනාවන් සහ පීඩා පිළිබඳව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, කතෝලික පල්ලියේ හැඟීම් පිළිබඳව එතුමා අවබෝධ කරගෙන සිටින බවත්, වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒම සඳහා යුක්තියේ අවශ්‍යතාවය පිළිබඳවත් සඳහන් කළේය.
දැනට සිදු කෙරෙන පරීක්ෂණයේ සංවේදී ස්වභාවය පිළිබඳව සඳහන් කරමින්, ගැටලු විසඳා ගැනීමට පහසුකම් සැලසීමේ අදහසින් යුතුව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ කතෝලික රදගුරු සම්මේලනය සමඟ හැකි ඉක්මනින් දැනුවත් සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළේය.
කතෝලික පල්ලියේ අවංක චේතනාව හා දරාගත නොහැකි වේදනාව සහ එහි නිර්මල අභිප්රායයන් පිළිබඳව රජය හොඳින් අවබෝධ කරගෙන සිටින බව අමාත්‍යවරයා පැවසීය.