හැටන් ප්රදේශයේ ළදු කැලැවක සඟවා තිබු මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීසිය අද (03) දින සමත් වි ඇත.
ඉදිරි දින කිහිපය තුල මත්පැන් අලෙවිසැල් වසා දමන නිසා වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ළදු කැලැවක සගවා තබන්නට ඇති බවයි වැටලිම සිදු කල හැටන් පොලීසියේ නිලධාරින් කියාසිටියේ.
මත්පැන් බෝතල් තොගය සමග එක සැකකරුවෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය රජයේ අනුමත මෙරට නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතල් බවයි පොලිසිය කියා සිටියේ.
මිලිලිටර් 750 බෝතල් 100ක් සහ මිලිලිටර් 180 මත්පැන් බෝතල් 750 කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් බෝතල් තොගය හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.