කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව වඩු, පෙදරේරු, ජලනල හා විදුලි කාර්මික, පෙර පාසල් ගුරුවරු , පින්තාරු ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක නිරත වන පුද්ගලයින්ට එම දීමනාව ලබාදීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළාය.
මෙම දීමනාව ලබාදීම සඳහා ඉල්ලූම් පත්‍රයක් ග්‍රාමීය කමිටුවලට ලබාදෙන අතර එම ඉල්ලූම් පත්‍ර අදාළ කමිටුවල නිලධාරීන් හරහා අදාළ රැකියාවල නිරත පුද්ගලයින්ට ලබාගත හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරිණි.
මේ අතර වැඩිහිටි, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින්ගේ අමතර ඉල්ලීම් සඳහා ද රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.