යාපනය කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු පවසති.
ඔවුන් සඳහන් කළේ අදාළ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් අනතුරුව වැඩිහිටි නිවාසයේ අනෙකුත් වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය සඳහා භාජනය කළ බවය.
එහිදි ඉන් 44 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවයි.