දින තුනක වැඩවර්ජනයක් ආරම්භ කළ දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ට නැවත සේවයට පැමිණෙන ලෙස එරට රජය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
මූලික වශයෙන් පුහුණුව ලබන වෛද්‍යවරුන් සහ වෙනත් වෛද්‍යවරුන් මෑතකදී පාගමනකද යෙදෙමින් විරෝධතාවක යෙදුණු අතර, එරට සමස්ත වෛද්‍යවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යෑමත් සමග එම සාමාජිකයන්ගේ මහා පරිමාණයේ වැඩ වර්ජනයකින් රටේ ප්‍රධාන මහ රෝහල් පහක සැත්කම් පවා කල් දැමීමට සිදුවිය.
කෙසේ වෙතත් ගෙවීගිය දිනයේ රට තුළ නව කොරෝනා ආසාදිතයන් 320ක් වාර්තා වෙමින්, පසුගිය සති දෙකක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 20%කට ආසන්න පිරිසක් නාඳුනන මූලාශ්‍ර ආශ්රයෙන් ආසාදිතයන් වෙමින් පවතින වාතාවරණයක මෙම වැඩවර්ජනය වහාම නවත්වන ලෙස රජය නියෝග කර තිබේ.