යාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ මෝටාර් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ඊයේ (27) සවස ගොඩගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
අම්පන් ප්‍රදේශයේ වැසියෙකු විසින් ගෙවත්ත එළි පෙහෙලි කිරීමේදී සිදුකල කැණිමකදී වලදමා තිබූ අදාළ ප්ලාස්ටික් බැරලය හමු වී ඇති අතර ගෙවතුහිමියා විසින් පසුව ඒ බව පේදුරුතුඩුව පොලීසියට කරන ලද දැනුම් දීමකින් පසුව පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ බෝම්බ බැරලය ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.
අනතුරුව බෝම්බ බැරලයේ තිබී මෝටාර් බෝම්බ 9ක්, ක්ලේමෝ බෝම්බයක්, ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 200ක්, වයර් රෝලක්, ටැග් එකක්, අත්බෝම්බයක් , මැගසින් එකක්, හමු වී ඇත.
සොයාගත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හරහා නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවට පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.