ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා අද (03දා) උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
මෙහිදී දෙරට අතර විශ්වවිද්‍යාල, තොරතුරු තාක්ෂණ, වෘත්තීය පුහුණුව හා දුරස්ථ අධ්‍යාපනය යන ක්ෂේත්රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
එසේම ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි භාවිතය සඳහා මුහුණු ආවරණ 50000ක්ද මෙහිදී වැඩ බලන තානාපතිවරයා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පරත්‍යාග කළේය.