හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ මාර්ගයක කොටසක් තවදුරටත් ගිලා බැසීමේ අවදානම හේතුවෙන් එම ගිලා බැසීමට ලක් වන ස්ථානයේ රථවාහන ගමනාගමනය සඳහා එක් මංතීරුකට සීමා කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නැවතත් එම මාර්ගයේ කොටසක් විශාල ලෙස ඉරිතලා ගිලා බැසීමේ අවධානමක් පවතින බව ප්‍රදේශවාසීහු පැවසූහ.
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කුයිල්වත්තේ සිට හැටන් ස්ටැඩන්වත්ත දක්වා ස්ථාන කිහිපයක්ම මෙසේ ගිලා බැසීමේ අවදානමට ලක්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින්ද තහවුරු කරගෙන තිබේ.
හැටන් - රංජිත් රාජපක්ෂ