ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය කොරෝනා වෛරස ප්‍රභේද අතර වේගවත්ම හා ශක්තිමත්ම කොරෝනා වෛරස ප්‍රභේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සම්ප්‍රේෂණය වීමේ ඉහළ හැකියාව සහ මාරාන්තික බව යන සංයෝජන කිසිදු ප්‍රභේදයකින් සැබවින්ම සොයාගෙන නොමැති නමුත්, නමුත් ඩෙල්ටා යනු කොරෝනා වෛරසවලින් එවැනි හැකියාවක් සහිත වේගවත්ම හා ශක්තිමත්ම ප්‍රභේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසීය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ ඩෙල්ටා ප්‍රභේදය පෙර පැවති ප්රභේදයන්ට වඩා වඩාත් අවදානමට ලක්විය හැකි සහ ලක්විය යුතු ප්‍රභේදයක් බවයි. "මේ අවස්ථාවේදී එන්නත් කිරීමකින් තොරව අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සිටිනවා නම්, ඔවුන් තවදුරටත් අවදානමට ලක්වනු ඇති" ඔහු පැවසීය.
ඩෙල්ටා ප්‍රභේදය පසුගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වඩාත් සැලකිලිමත් වීමේ ප්‍රභේදයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
එමෙන්ම "අධික ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති" ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ප්රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ පවසා තිබුණි. එය දැනටමත් රටවල් 92ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
වෛද්‍ය රයන් පැවසුවේ සියලූම කොරෝනා ප්රභේදයන් තම තම ශක්ති ප්‍රමාණයෙන් මාරාන්තික වී ඇති නමුත් ඩෙල්ටා ප්‍රභේදය වඩා මාරාන්තික විය හැකි බවයි. එය මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන අවස්ථාවේදී වඩා කාර්යක්ෂම වන අතර, අවසානයේදී දරුණු ලෙස රෝගාතුර වන අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ඊට ගොදුරු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මාත්‍රාවන් හිඟයක් සමඟ පොරබදමින් සිටින COVAX එන්නත බෙදාහැරීමේ යෝජනා ක්‍රමයට කොවිඩ්-19 මාත්‍රා පරිත්‍යාග කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් ඉල්ලා තිබේ.