පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයේ අද දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් හා කථානායකවරයා අතර උණුසුම් වාදයක් ඇතිවිය.
එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති බවයි.
මන්ත්‍රී මනූෂ නානායක්කාර - කථානායකවරයාට සුබ පතන අවස්ථාවේදී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මම මේ සභාවේ අවධානය යොමුකළ. එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසට. මේක ඔවුන්ගේ පාරම්පරික වාසභූමිය යැයි කියපු කථාව ඉවත් කරන්න කියලා.
කථානයක මහින්ද යාපා අබේවර්ධන - ඒක සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයක්, ඕනෑම මන්ත්‍රීවරයෙකුට මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒක රජයේ මතයද විරුද්ධ පක්ෂයද කියන එක නෑ. කාටත් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙනවා.
මන්ත්‍රී ශාන්ත බණ්ඩාර - ඒ කාරණය සම්බන්ධයෙන් සලකා බලවා කිව්වා. මීට කලිනුත් එවැනි ප්‍රකාශ කළොත් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරනවා. අපි කියනවා මේක ඉවත් කරන්න කියලා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන - සොයලා බලලා තමයි ඔබතුමාට දන්වන්නේ. අනවශ්‍ය ලෙස කාලය නාස්ති කරන්නේ නැතිව වාඩි වෙන්න.
මන්ත්‍රී නලීන් බණ්ඩාර - අපි පළමු දවසේම දිවුරුමක් දුන්නා සෘජුව හෝ වක්‍රව බෙදුම්වාදයට ඉඩ දෙන්නේ නෑ කියලා. ඒ දිවුරුම දීලා පැයකට පස්සේ තමයි විග්නේෂ්වරන් මහතා ඒ ප්‍රකාශය කළේ. දිවුරුමට විරුද්ධ ප්‍රකාශයක් තමයි විග්නේෂ්වරන් මහතා කළේ.
VIDEO