විකිරණ විද්‍යා තාක්ෂණ සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීමට එරෙහිව හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (16දා) උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ ගැටලු විසඳා ගැනීමට බලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවලදී නිසි විසඳුම් නොලැබුණු නිසා විකිරණ විද්‍යා තාක්ෂණවේදී සේවාව යටතේ පවතින විකිරණ ප්රතිකාරවලින් ඉතිහාසයේ පළමු වතාවට අදාළ කටයුතු කරන නිලධාරීන්ද සේවයෙන් ඉවත්වන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පැවසීය.
මේ අනුව අද උදෑසන 8.00 සිට සියලු විකිරණ ප්‍රතිකාර කටයුතුවලින් හා සාමාන්‍ය විකිරණ පරීක්ෂණ, එම්.ආර්.අයි. පරීක්ෂණ, සී.ටී. ස්කෑන් පරීක්ෂණ ඇතුළු විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සිදුකරන රාජකාරීවලින් ඉවත්වන බවද හෙතෙම පවසා සිටියේය.
පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා විකිරණ විද්‍යා තාක්ෂණවේදී සේවාව තුළ පුරප්පාඩු හයසියයකට අධික ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, මීට අමතරව අතිරේක රාජකාරීවලට අදාළ දීමනා යාවත්කාලීන කිරීමට චක්‍ර‘ලේඛ නිකුත් කර තිබියදී එය ක්‍රියාත්මක නොකිරීම හා විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ කාර්යභාර නිලධාරියා සිදුකරන රාජකාරී සමහර රෝහල්වලදී වෙනත් පාර්ශ්ව සිදුකිරීම ඇතුළු ගැටලු ගණනාවක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවත් ඒ මහතා පැවසීය.