කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 510කට වැඩි ප්‍රමාණයක් පසුගිය ඉරිදා වනවිට චීනය පුරා ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ඊයේ (24දා) ප්‍රකාශ කළේය.
ඒ අනුව මේ වනවිට ලෝකයේ රටක් තුළ වඩාත් වේගවත්ම එන්නත්කරණයක් සහිත රට ලෙස චීනය ඉදිරියෙන් සිටින අතර, ලෝකයේ මිලියන 500ක සීමාව ඉක්මවමින් එන්නත් ලබාදී ඇති එකම රට බවටද පත්ව තිබේ.
එසේම මැයි 13දා සිට චීනය පුරා ස්ථාන කිහිපයක දේශීයව ඉතා සුළු වශයෙන් සම්ප්‍රේෂණය වන නැවුම් අවස්ථා කිහිපයක් වාර්තා වීමත් සමග සිය එන්නත්කරණ වේගය වැඩි කිරීමට චීනය කටයුතු කළේය.
එසේම දෛනිකව එන්නත් මාත්‍රා මිලියන 20කට අධික දේශීය ඉල්ලුම සපුරාලමින් රටේ එන්නත් නිෂ්පාදන ධාරිතාවයද වේගයෙන් වර්ධනය වන බවද ජාතික සෞඛ්‍ය කොමිසම පැවසීය.
චීනයේ මෑතකදී සනාථ කරන ලද සිද්ධීන් අතර, ඇතැම් ඒවා මේ වනවිට වෙනත් රටවල සංසරණය වන ප්‍රභේදයන්ගෙන් ආසාදනය වී ඇති බව සොයාගෙන තිබුණි.
නමුදු මූලික පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව ලොව වෙනත් රටවල අනාවරණය කරගත් ප්රභේදයන්ට එරෙහිව චීනයේ දැනට භාවිත කරන කොවිඩ්-19 මර්දන එන්නත් තවමත් ඵලදායීව ක්‍රියාත්මක වන බව චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසීය.
එම මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥයා වූ ෂාවෝ යමින්ග් පැවසුවේ ඉදිරියේ ඇතිවිය හැකි නව කොවිඩ්-19 නව ප්රභේදයන්ට එරෙහිව දැනට පවතින එන්නත් අකාර්යක්ෂම වුවහොත්, සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියටම විශාල ගැලපීම් අවශ්‍ය නොවන බවත්, චීනයට එහි කොවිඩ්-19 මර්දන එන්නත් ඉක්මනින් සකස් කර නිෂ්පාදනය කිරීමට හැකි බවත්ය.