ලොව ලාබාලතම සංචාරකයා ලෙසින් නම් දරා සිටින ස්පාඤ්ඤ ජාතික ඔස්කාර් හෙරෝරෝ රෙකුවානා මහතා ඊයේ (15) ශි්ර ලංකා සංචාරයක් සඳහා පැමිණියේය . වයස අවුරුදු 22 ක් ලෙසින් සැලකෙන ඔහු මේ වනවිට රටවල් 78ක් පමණ සංචාරයේ නිරත වි ලොව ලාබාලතම වැඩිම රටවල් ප්රමාණයකට ගිය සංචාරකයා ලෙසින් ගිනස් වාර්තා පොතට සිය නම ඇතුලත් කිරිමට බලාපොරරාත්තුවෙන් සිටි .
මේ සම්බන්ධව ‘‘අද’’ වෙතට විශේෂ ප්රකාශයක් ලබාදෙමින් හෙතෙම මෙසේ පැවසිය .
‘‘ මගේ නම ඔස්කාර් හෙරෝරෝ රෙකුවානා , මගේ රට ස්පාඤ්ඤය , මගේ වයස දැන් 22 ක් වෙනවා . දැනට මම රටවල් 78 ක සංචාරයේ නිරත වෙලා තිබෙනවා . මම පොඩි කාලේ ඉදලම කැමතියි රටවල සංචාරය කරන්න . මට වයස 19 වෙද්දි ඒ දේ තනියම කරන්න හිතුවා . වසර 3 ක් වැනි කාලයකදි මම රටවල් 78ක සංචාරය කරන්න හැකි වුනා . මගේ දෙමාපියන් පොඩ්ඩක්වත් මේකට කැමති නැහැ . නමුත් මම ආසයි රටවල සංචාරයේ නිරත වෙන්න , ඒ ඒ රටවල සංස්කෘතිය , ස්වභාවික සෞන්දර්ය රසවිදින්න . මට ලස්සනට ගීත ගයන්න බැහැ . නමුත් මම ගිටාර් එකත් අරගෙන තමයි මේ සංචාරවල නිරත වෙන්නෙ , මගේ තනියට ඉන්නෙ එය පමණයි . ’’ යැයි පැවසිය .
‘‘ මම ලංකාවට ආවේ 15 වෙනිදා , දුමිරියේ ඉදන් මම මාතරට පැමිණියා . ඒ අතර වාරයේ සුන්දර දේවල් ගොඩක් දැක්කා . ලංකාවේ මිනිස්සු හරි හොදයි. සුහද ශිලියි . ඒ වගේම මිරිස්ස මුහුද හරිම ලස්සනයි . මම දැකපු ස්වභාවිකව පිහිටලා තියෙන මු හුදු වෙරළවල් අතරින් ලස්සන වෙරළ තීරයක් .
ඒ වගේම ලංකාවේ ඇල්ල ප්රදේශයේ ඇතුළු තවත් ස්ථාන කිපයක් මම ඊළඟට සංවාරය කරන්න බලාපොරොත්තු වෙනවා . මෙහෙම සංචාරය කරන එක ලොකු අභියෝගයක් . ඇත්තම කිව්වොත් මම එක රැකියාවක් කරන්නෙ නැහැ , ඒ නිසා මට මේ ගමන් සඳහා දෙමාපියන් තමයි මුදල් ලබාදෙන්නේ . මම හිතනවා ඉදිරියේදි ගිනස් වාර්තා පොතට මගේ නම ඇතුලත් වෙයි කියලා ලොව ලාබාලතම සාචාරකයා විදියට , එය මටත් මගේ රටටත් ආඩම්බරයක් . මගේ ඊළග සංචාරක රට ලෙස පකිස්ථානයට යන්න බලාපොරොත්තු වෙනවා . ආයේ දවසක ලංකාවටත් ආයේ එන්න බලාපොරොත්තු වෙනවා’’ යැයි රෙකුවානා මහතා වැඩිදුරටත් පැවසිය .
මාතර - මහේෂ් මලවරආරච්චි