ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 345,000 සීමාවට පැමිණ ඇති අතර, අද (25දා) අලුයම එය වාර්තා වූයේ 344,997ක් ලෙසිනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව මේ වනවිට ගෝලීයව කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලක්ෂ 54ක් ඉක්මවා වාර්තා වන අතර, අද (25දා) අලුයම වනවිට එම අගය දැක්වුණේ 5,405,029ක් ලෙසිනි.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 21.7කට ආසන්න වන අතර, එම අගය මේ වනවිට දැක්වෙන්නේ 2,168,408ක් ලෙසිනි.