නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක් වන බවටද වාර්තා වේ.
ගතවූ පැය 24 තුලදී වාර්තා වන මරණ සංඛ්‍යාව 1108ක් වන අතර වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 21,000 කට අධික වේ.