කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 380,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (03දා) අලුයම වනවිට එම අගය දැක්වුණේ 380,180ක් ලෙසිනි.
එමෙන්ම ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 6,375,000 පසුකර ගොසිනි.
එය අද (03දා) අලුයම වනවිට 6,376,822ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා කර ඇත.
මේ අතර භයානක වෛරසය ආසාදිතව සිට සුවය ලැබූවන්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එම අගය මේ වනවිට දැක්වෙන්නේ 2,728,363ක් ලෙසිනි.