කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 216,989ක් ලෙස අද (29දා) අලුයම වනවිට වාර්තා විය.
මේ වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,114,659ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වී, රෝහල්ගතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස මිලියනයකට ආසන්න වෙමින් පවතින අතර, එම අගය දැක්වුණේ 925,921ක් ලෙසිනි.