ලොව පුරා කොවිඩි-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 390,000 සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අද (05දා) අලුයම එම අගය දැක්වුණේ 389,620ක් වශයෙනි.
එසේම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 66 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, අද (05දා) අලුයම එම අගය දැක්වුණේ 6,600,692ක් ලෙසිනි.
කෙසේ වෙතත්, වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූවන්ද ලක්ෂ 28 ඉක්මවා ඇති අතර, එම අගය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව 2,853,358කි.