ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්රයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 372,000ක සීමාවට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (01දා) අලුයම වනවිට එම අගය දැක්වුණේ 371,987ක් වශයෙනි.
මේ අතර ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ වෛරසය ලොව පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 61.5 ඉක්මවා ගොස් තිබේ.
එය අද (01දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල විසින් වාර්තා කර තිබුණේ 6,152,160ක් වශයෙනි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිට මේ දක්වා ලොව පුරා සුවය ලබා ඇති පිරිස 2,637,496ක් බව එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.