ලොව පුරා කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 342,000 සීමාව ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම වනවිට එම මරණ සංඛ්‍යාව දැක්වුණේ 342,061ක් වශයෙනි.
ජොන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය විසින් තහවුරු කරන ලද ලොව පුරා සමස්ත නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස අද (24දා) අලුයම වනවිට 5,309,142ක් ලෙස සටහන් විය.
එමෙන්ම, මේ වනවිට ගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූවන්ගෙන් සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 21 ඉක්මවා ඇති අතර, එය මේ වනවිට දැක්වෙන්නේ 2,112,017ක් ලෙසිනි.
සුවය ලැබූ ආසාදිතයන් වැඩිම අගයක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර, එම අගය 36,239කි. දෙවනුවට ජර්මනියෙන් 159,716ක් සුවය ලබා ඇත. ස්පාඤ්ඤයෙන් 150,376ක් සුවය ලබා තිබේ. බ්‍රසීලයේ 142,587ක් සුවය ලබා ඇත. ඉතාලියේ 138,840ක්ද, තුර්කියේ 117,602ක්ද, රුසියාවේ 107,936ක්ද, ඉරානයේ 104,072ක්ද පිළිවෙළින් සුවය ලබා තිබේ.
මේ සියලු දත්ත ලෝකයේ බොහෝ පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් නව කොරෝනා වෛරසයේ නිල දත්ත ලබාගන්නා ජොන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය විසින් තහවුරු කරනලද දත්ත පමණක් බව සලකන්න.