ලොව පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 1.5කට වඩා එන්නත් කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
අද (19දා) දිනය වනවිට රටවල් 200කට අධික සංඛ්‍යාවක අවම වශයෙන් මාත්‍රාවන් 1,507,600,283ක් එන්නත් කර ඇත.
නිල මූලාශ්‍ර මත පදනම්ව මේ වනවිට ලෝකයේ වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති රට බවට චීනය පත්ව තිබේ.
ඒ අනුව චීනය එන්නත් මාත්‍රා මිලියන 421.9ක් එරට ජනතාව වෙත ලබාදී ඇති අතර, දෙවනුවට එක්සත් ජනපදය එන්නත් මාත්‍රා මිලියන 275.01ක් සහ තෙවනුවට ඉන්දියාව එන්නත් මාත්‍රා මිලියන 184.4ක් ලෙස පරිපාලනය කර තිබේ.