ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 150,076,081ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (30දා) අලුයම වාර්තා කරයි.
ලොව පුරා සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 14ක සීමාව ඉක්මවා යනු ලැබුවේ පසුගිය අප්‍රේල් 18 වැනිදාය. ඒ අනුව නිල දත්ත අනුව දින 10කින් පමණ ආසාදන කෝටියක් වැඩිවී තිබේ.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,161,337ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 87,237,000කට වැඩි පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.