ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6 සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (30) අලුයම වාර්තා කළ ආකාරයට මේ වනවිට එම අගය 5,919,364ක් ලෙස සැලකෙයි.
එමෙන්ම ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාවද 365,000 සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (30දා) අලුයම එම අගය දැක්වුණේ 364,459ක් ලෙසිනි.
එසේම ලොව පුරා වෛරසය ආසාදිතව සුවය ලැබූවන්ද ලක්ෂ 25 සීමාව කරා පැමිණ ඇති අතර, විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට එම අගය 2,490,221කි.