ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය ආශ්රිත මරණ අද (02දා) අලුයම වනවිට 240,000ක සීමාවට පැමිණ තිබේ.
ඒ අනුව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත අනුව එම අගය සටහන් වූයේ 238,380ක් ලෙසිනි.
එමෙන්ම ගෝලීයව වෛරසය පැතිරීම තවදුරටත් වේගවත්ව සිදුවන බව ප්‍රකට කරමින්, මේ වනවිට ආසාදිතයන් තිස් තුන් ලක්ෂ පනස් දහසක සීමාවට එම අගය පැමිණ ඇති බවද පෙන්වා දෙයි.
ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව එම අගය දැක්වුණේ 3,341,311ක් ලෙසිනි.
සමස්තයක් ලෙස වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීමෙන් පසුව සුවය ලබා යළි නිවෙස් වෙත ගොස් ඇති පිරිස මේ වනවිට මිලියනයක අගය ඉක්මවා තිබේ. එය සටහන් වූයේ 1,051,859ක් ලෙසිනි.