කියුබාව නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මාස හයකට වැඩි කාලයක් පුරා ලොව දැඩි ලොක්ඩවුන් සීමා පැනවීමට කටයුතු කළ රට බවට පත්ව තිබේ.
සියලුම වාණිජ ගුවන් හා නාවික ගමන් පසුගිය අප්‍රේල් 2දා සිට අත්හිටුවා ඇති අතර කියුබාවට ඇතුළු වන හෝ පිටවන ඕනෑම අයෙකුට ඒ සඳහා විශේෂ රජයේ අවසරයක් අවශ්‍ය වේ.
එම සීමාවන් වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට උපකාරී වී ඇති අතර, එමගින් කියුබානු ආර්ථිකයට හා සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් සිදුවුවත් ඔවුන් මූලිකත්වය දී ඇත්තේ වෛරසය පාලනය සඳහාය.
වඩා හොඳ සෞඛ්‍ය සේවයක් පවතින රාජ්‍යක් ලෙසද ප්‍රකට කියුබාව, සිය රට වැසියන්ට මුඛ ආවරණ පැලඳීම ඇතුළු වෛරසයෙන් ආරක්ෂාවීමේ පිළිවෙත් සම්බන්ධයෙන්ද නිරන්තරයෙන් දැනුමත් කිරීම් කරන බව කියැවෙයි.