විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකට අනුව, විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන ලබා නොදීමේ ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති සඳහන් කරයි.
ඉන්ධන නළ එළීමට විදුලිබල අමාත්‍යවරයා සිදුකරන බාධා කිරීම පිළිබඳ හෙට (02දා) දින ආර්ථික සභාවේදී සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවට අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව පොරොන්දු වූ බවද නිදහස් සේවක සංගමයේ ලේකම් ජයන්ත පරෙයිගම මහතා සඳහන් කළේය.
හෙට දින පැවැත්වෙන එම සාකච්ඡාවෙන් පසු ගනු ලැබූ තීරණ ලබන 03 වැනිදා වෘත්තීය සමිතිවලට ලබාදෙන බවට පොරොන්දු වූ බවත්, එම පොරොන්දු කඩකළ හොත් 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවත් ඒ මහතා පැවසීය.