කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 6,500 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම මරණ අතරින් මරණ 3,100ක් චීනයෙන් වාර්තා වුවද, මේ වනවිට යුරෝපය පුරා වේගයෙන් වෛරසය ව්‍යාප්තවීමේ ප්‍රතිඵලයක් ලෙස මරණ 3,400ක් චීනයෙන් පිටත වාර්තා වී ඇත.
එමෙන්ම මේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.