2015 ජනාධිපතිවරණ සිල්රෙදි බෙදාදීමට ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රු මිලියන 600ක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට එරෙහිව පැවරු නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර ඇත්තේ අධිකරණ සංවිධාන පනතට අනුතූලව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා උගත් මහාධිකරණ විනිසුරුවරයා එම නඩු විභාගයේදී අධිකරණ සංවිධාන පනතට පටහැනිව කටයුතු කළ විත්තිකාර පාර්ශවයෙන් ඉදිරිපත්වු කරුණු පිළිගත නොහැකි මුදලිගේ මහතා පැවසිය.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදන වලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ඡනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදාදිම චෝදනාවන්ට වරදකරුවන් කරමින් හිටපු ඡනාධිපති ලේකම්වරයාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල්වරයාට දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති අභියාචනා පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටිමින් එසේ පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශ කර ඇත්තේ ඉදිරිපත් වූ සාක්කි සහ ලියකියවිලි මත පදනම්ව යැයිද වැඩිදුරටත් පැවසීය.
මෙම අභියාචන පෙත්සම් කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) සලකා බැලිණි.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදන වලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ඡුනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බේදා දීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් හිටපු ඡුනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට මහත්වරුන්ට වසර 03 බැගින් සිරද`ඩුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් දඩ සහ රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි නියම කරමින් කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය ඉවත දමා තමන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති අභියාචන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී එලෙස නියම කළේය.
හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා නම් කොට ඇත.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදන වලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ඡුනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදාදිමේ චෝදනාවන්ට වරදකරුවන් වු හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට මහත්වරුන්ට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට අදාළ දඬුවම් නියම කෙරිණි.
පෙත්සම් විභාගයේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් යම් මුදලක් වංක ලෙස වැරදි පුද්ගලයින් සඳහා වැරදි ලෙස භාවිතා කිරීම අවභාවිතව යනුවෙන් නීතියේ අර්ථ ගැන්වෙන බවත් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවේ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අධිචෝදනා තුනක් යටතේ බවත් පැවසීය.