වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.
“පොලිස් නිලධාරියෙක්ගේ මාරුවීමකට මගේ නමත් ඇඳුනා. වෙන්නප්පුව සංවර්ධන කමිටු රැස්වීමේදී මම මතුකරපු කාරණාවක් කොටසක් විතරක් දාලා මට නිර්දය ලෙස අපහාසාත්මක ලෙස පහර ගැසුවා.
මම කිව්වේ මේ රටේ විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මත්කුඩු ජාවාරම ඒවා අල්ලන්න ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.
මහා පරිමාණ කසිස්පු ව්‍යාපාරිකයන් නීතිය හමුවට ගේන්න කිව්වා. මගේ ආසනයේ තිබෙන කම්කරුවන් පුරුදුවෙලා තිබෙනවා පෙරන තැන් වලින් ගිහින් බොන්න.
අපේ ආසනයේ සාම්ප්‍රදායිකව ගෘහ කර්මාන්තයක් ලෙස මේක කළා.
මම කිව්වේ ස්වයං රැකියාවක් හඳුන්වාදීලා ඒ අයව පුරනරැත්තපනය කරලා සමාජ ගත කරන්න කියලා.
මත්කුඩුවලට හා මත්පැන් වලට වෙනම දැඩුවම් තිබෙනවා. මේ අය මත්කුඩුවලට දැම්මාම රිමාන්ඩ් එකෙන් එළියට එන්නේ මත්කුඩු ජාවාරමට සම්බන්ධව.
මේ පොලිස් නිලධාරියා දිගින් දිගටම කුඩු දාලා ඇතුළට දානවා. තුවක්කු දාලා ඇතුළට දානවා. මානව හිමිකම් එකට අධිකරණයට ගිහින් තියෙනවා.
මේ පිළිබඳව විමර්ශනය කරන්න කියලා මම දෙසැම්බර් මාසයේදී මහජන ආරක්ෂක ඇමතිට ලිව්වා. එතුමාගේ මාරුව වෙන්නේ මාර්තු මාසයේදී. තව 25ක් 30ක් මාරුවෙන කොට තමයි එතුමට මාරුව ලැබෙන්නේ.”