යථාර්ථවාදීව බැලීමේදී කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් මිනිසුන් ලබාගන්නා ආකාරය දැකගැනීමට ලැබෙන්නේ 2021 වසරේ මුල් භාගයේදී පමණ බැවින්, ඒ වනතුරු COVID-19 එන්නත් බලාපොරොත්තු නොවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේදී ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර සාධාරණව එන්නත් බෙදාහැරීම සහතික කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටින බව වෛද්‍ය රයන් සඳහන් කළේය.
එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ වෛද්‍ය රයන්, "අපි හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා" යැයි කීවේය. එසේම, ආරක්ෂාව හෝ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ජනනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙතෙක් ඒ කිසිවක් අසමත් නොවූ බවද ඔහු පැවසීය.
"ඒ කෙසේ වුවත්, යථාර්ථවාදීව බැලීමේදී නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මිනිසුන් ලබාගන්නා ආකාරය අපට දැකගැනීමට ලැබෙන්නේ ලබන වසරේ මුල් භාගයේදීයි" වෛද්‍ය රයන් වැඩිදුරටත් සඳහන් කළේය.