ලබන වසර සඳහා ද වාහන ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණය කර බවත් 2022 වසර වෙනුවෙන් නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැය සඳහා අමාත්‍යාංශ සඳහා ප්‍රතිපාදන සකස් කිරීම සඳහා දැඩි මාර්ගෝපදේශන නිකුත් කළ බවත් උසස් භාණ්ඩාගාර නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර තිබේ.
රාජ්‍ය ආයතන සඳහා නව බඳවා ගැනීම් ලබන අධෛර්යමත් කරන බැවින් ඒ වෙනුවෙන් ලබන වසරේ කිසිදු නව ප්‍රතිපාදන වෙන් නොකරන බව සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සඳහා භාණ්ඩාගාර චක්‍ර ලේඛනය මඟින් ප්‍රකාශ කර ඇත.
“මේ වන විටත් අනුමත කර ඇති අනුපාතයන් හැර අතිකාල දීමනා සහ වෙනත් දීමනා වෙනත් වර්ගයක ඇස්තමේන්තු වලට ඇතුළත් නොකළ යුතුය.” භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා නිකුත් කරන ලද චක්‍ර ලේඛනයක දැක්වෙයි.
ප්‍රාග්ධන වියදම් දැරීමේදී ආර්ථිකයට ඉක්මන් ප්රතිලාභ ලබා දෙන සංවර්ධන වියදම් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස රාජ්‍ය ආයතනවලට උපදෙස් දී ඇත.
නව ගොඩනැගිලි ඉදිකිරීම අත්හිටුවීමට රජය ගත් තීරණය ඉදිරි වසර දක්වා ද දීර්ඝ කර තිබේ. ඒ අනුව සුළු අලුත්වැඩියාවන් අවශ්‍ය වන ආර්ථික වශයෙන් ශක්‍ය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් තම අවශ්‍යතා සපුරාලන ලෙස රාජ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.
ආනයන සීමා කිරීමට රජය ගත් තීරණයට සහය දැක්වීම සහ වියදම් සීමා කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, නව ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ සහ රජයේ ආයතන සඳහා වාහන මිලදී ගැනීම ලබන වසරේදී ද අත්හිටුවනු ඇත.
වියදම් ඇස්තමේන්තු අගෝස්තු 16 ට පෙර ඉදිරිපත් කරන ලෙස රජයේ ආයතන වලට උපදෙස් දෙනු ලැබේ.
මේ අතර භාණ්ඩාගාර නිලධාරියෙක් පැහැදිලි කළේ වාහන ආනයනය තහනම් කිරීම තුළින් ඇස්තමේන්තු ගත ඩොලර් බිලියන එකක් ඉතිරි කර ගැනීමට රජයට හැකි වූ අතර සංචිත ඉහළ නැංවීම සඳහා සීමාවන් දිගටම ගෙන යාමට ගත් තීරණය උපකාරී වනු ඇති බවයි.