සති ගනනාවක් පුරා පැවති කොවිඩ්-19 අගුලු දැමීම මගින් උග්‍ර වූ ජීවන තත්ත්වය පිළිබඳව ලෙබනනයේ ට්‍රිපොලි නගරයේ විරෝධතාකරුවන් දෙවැනි රාත්‍රිය පුරාත් ලෙබනන් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කරගෙන තිබේ.
අඟහරුවාදා ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් විසින් සෙරේල් නමින් හැඳින්වෙන ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලට ගල් ගසන උද්ඝෝෂකයන් සහ ඔවුන් ඒ අසල වාහනයක් පුළුස්සා දමන අයුරු දැක්වෙන සජීව වීඩියෝ දසුන් ප්‍රචාරය කළේය.
දැඩි මූල්‍ය අර්බුදයක සිටින ලෙබනනයේ මෑත මාසවලදී කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා, රට තුළ වැඩිම කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ලෙස මරණ 73ක් වාර්තා වූ අතර, රටේ මුළු මරණ සංඛ්‍යාව 2,477ක් දක්වා ඉහළ ගොස් ඇත.