ලෙබනනයේ දෛනික ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ තීරණය ආපසු හැරවීමට තීරණය කළ බව ලෙබනන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
සීමා ලිහිල් කිරීමෙන් පසුව බොහෝ පුරවැසියන් රෝග වැළැක්වීමේ හා මහජන ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අපොහොසත් වීමත්, ඔවුන් තමන්ගේ සෞඛ්‍යය හා සමාජයේ සෞඛ්‍යය පිළිබඳ ආත්මාර්ථකාමිත්වයෙන් කටයුතු කිරීමත්, ජනතාව පෙන්වූ නොසැලකිලිමත්කම සහ උදාසීනත්වයත් රජය කලින් ගත් සීමා ලිහිල් කිරීමේ තීරණය ආපසු හැරවීමට හේතුවූ බව අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වෙයි.
ඒ අනුව රටේ ඇඳිරි නීතිය දැන් පැය දෙකකට පෙර ආරම්භ වන අතර, සෑම දිනකම රාත්‍රී 7 සිට පසුදා අලුයම 5 දක්වා කිසිවෙකුට ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට යාමට අවසරය හිමි නොවෙයි.
මෙයද නොසලකා ඇතැම් පුද්ගලයන් සමාජ දුරස්ථ කිරීම, මුඛ ආවරණ පැළඳීම සහ සමූහයා මග හැරීම වැනි ආසාදනය වැළැක්වීමේ ක්‍රියාමාර්ග නොසලකා හරිනු ලැබුවහොත් ඉදිරියේදී සෞඛ්‍ය හා ආරක්ෂක සේවා හැර සෙසු සියලුම රාජ්‍ය හා පෞද්ගලික දෙපාර්තමේන්තු, ආයතන, සමාගම් සහ වාණිජ වෙළෙඳ සැල් වසා දමන බවත්, සියලු පුරවැසියන්ට පාරට බැසීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවත් එරට අභ්‍යන්තර කටයතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.