ලෙබනනය සිය විශාලතම රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියාට එන්නත් කිරීම මගින් කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ඊයේ (14දා) දියත් කළ අතර, 93 හැවිරිදි සුප්‍රසිද්ධ ලෙබනන් නළුවෙකු හා හාස්යෝත්පාදකයෙකු වන සලා තිසානිද එම අවස්ථාවට සහභාගී විය.
මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ එරට සෞඛ්‍ය සේවකයන් සහ වයස අවුරුදු 75 ට වැඩි අය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ලබාදීම සඳහා මූලිකවම සුදුසුකම් ලබා සිටියි.
සෙනසුරාදා බෙල්ජියමෙන් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත මාත්‍රාව 28,500ක් ලෙබනනයට ලැබුණි. මිලියන 7කට වඩා අඩු ජනගහනයක් සිටින රටේ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 339,122ක් වන අතර ඉරිදා වනවිට මරණ 3,993ක් වාර්තා විය.