ලන්දේසි (වත්මන් නෙදර්ලන්තය) පාලන කාලය තුළදී ඔවුන් ශ්‍රී ලංකාවෙන් සොරකම් වස්තූන් යළිත් ශ්‍රී ලංකාව වෙත ලබාදිමට වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව නෙදර්ලන්ත මාධ්‍ය වාර්තා කරයි.
විවිධ රටවල අයත් බව කියන ඒහෙත් ලන්දේසි පාලන කාලයන් තුළදී නෙදර්ලන්තයට රැගෙන ගිය වස්තූන් නැවත ලබාදීමට නෙදර්ලන්තය ගත් තීරණයකට අදාළව මෙම සාකච්ඡා සිදුවෙමින් පවතී
ශ්‍රී ලංකවට අමතරව ඔවුන් ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමගම මේ ආකාරයෙන් නෙදරලන්තය තුළ පවතින එහෙත් ඔවුන්ට අයත් නොමැති වස්තූන් ඒවායේ සත්‍ය හිමිකම් පවතින රටවල් වලට ලබාදීමට සාකච්ඡා කරමින් තිබේ.
නෙදර්ලන්තයේ ඇමෙස්ටර්ඩෑම් නුවර පිහිටා ඇති රිජ්ක්ස් කෞතුගාරය විසින් මෙම සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ හරහා ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානියේ කටයුතු කළ රජවරයෙක් සතුව තිබූ කාලතුවක්කු අනුරුවක් යළිත් ශ්‍රී ලංකාව වෙත ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ඒම කාලතුවක්කු අනුරුව 1765 වසරේදී ලන්දේසින් විසින් ශ්‍රී ලංකාවේ කළ සටනකදී අත්පත් කරගෙන ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා නෙදර්ලන්ත බලධාරීන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමටත් නියමිතව තිබේ. 1980 වසරේදී ශ්‍රී ලංකාවට අයත් මෙම ලෝකඩ කාලතුවක්කු අනුරුව ලංකාව වෙත ලබාගැනීම වෙනුවෙන් නෙදර්ලන්තයත් සමග සාකච්ඡා පවත්වා තිබේ.
කෙසේ වෙතත් අදාළ භාණ්ඩවල සත්‍ය හිමිකම් සෙවීම වෙනුවෙන් නෙදර්ලන්තය දිගු පරික්ෂණ කිරීමටත් සූදානම් වි තිබේ.
නෙදර්ලන්තය තුළ පවතින වෙනත් රටකට අයත් වස්තූන් ලබාගැනිම වෙනුවෙන් මුලින්ම කිසියම් රටක තුළ පවතින ඒහෙත් ඔවුන්ට අයත් වස්තූන් ලබාගැනීම වෙනුවෙන් ඉල්ලීම් කිරිමට අවස්ථාව තිබේ. මේ යටත් ඉතියෝපියාව තමන්ට හිමි වස්තූන් කිහිපයක්ස ලබාගෙන ඇත.
ලන්දේසීන් ශ්‍රී ලංකාව තුළ ක්‍රිස්තු වර්ෂ 1640 සිට 1796 දක්වා කටයුතු කරනු ලැබීය.
www.dutchnews.nl හා www.trouw.nl ඇසුරෙනි