ආසාදන අනුපාතය තියුණු ලෙස ඉහළ යාමෙන් පසු ලන්ඩන් සහ ගිනිකොනදිග එංගලන්තයේ සමහර කොටස් කොවිඩ්-19 වෛරස සීමා කිරීම්වල දැඩි ස්ථරයට ඇතුළත් කර තිබේ.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසන්නේ අගනුවර රෝහල් දැනටමත් පීඩනයට ලක්ව ඇති බවත්, වෛරසය මාරාන්තික ලෙස ඉහළ යන බවත්ය.
"පසුගිය සතිය තුළ ලන්ඩන්, කෙන්ට්, එසෙක්ස් සහ හර්ට්ෆර්ඩ්ෂයර් හරහා වෛරසයේ ඉතා තියුණු, ඝාතීය ඉහළ යෑමක් අප දැක තිබෙනවා. එබැවින් ලන්ඩනයක්, එසෙක්ස් හි දකුණ සහ බටහිර දෙසට මෙන්ම, හර්ට්ෆර්ඩ්ෂයර්ට දකුණින් වසංගතයේ සීමා කිරීම්වල තුන්වැනි ස්ථරයට, එය ඉතා ඉහළ අනතුරු ඇඟවීමේ මට්ටමට යෑමට අප බලාපොරොත්තු වෙනවා" හැන්කොක් සඳුදා පාර්ලිමේන්තුවට පැවසීය.
මෙම සීමාවන් බදාදා සිට බලාත්මක වන අතර, බාර් සහ අවන්හල් වසා දැමිය යුතුය. එහිදී ඒවා රැගෙන යා හැකි සේවාවන් පමණක් ක්‍රියාත්මක කළ හැකිය.
මිනිසුන්ට වෙනත් කුටුම්භ සාමාජිකයන් සමග සමාජගත විය හැක්කේ පොදු එළිමහන් අවකාශයන්හි පමණක් බවද කියයි. මැට් හැන්කොක් අවධාරණය කළේ ජාතික සෞඛ්‍ය සේවය සහ ආදරණීයයන් ආරක්ෂා කිරීම සඳහා ජනතාව කළ යුතු දේ කළ යුතු බවය.
ඔහු පාර්ලිමේන්තුවේදී සිය ප්‍රකාශය අවසන් කළේ මෙම පියවරයන් දුෂ්කර වනු ඇති බව පවසමිනි. "එහෙත්, අපි අවසාන පියවරට පිවිසෙන විට ජනතාව නොසැලී සිටිය යුතුයි" ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද දත්තවලින් පෙනී යන්නේ ලන්ඩනයේ ජනතාව 100,000කට ආසාදිතයන් 191.8ක් වන සිටින බවය.