පවතින අයහපත් කාලගුණයත් සමඟ තලවකැලේ ලිඳුල පොලිස් වසමට අයත් ප්‍රදේශ කිහිපයක නායයෑම් ඇති වීමේ අවදානමක් මතුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
පවතින අධික වැසි සමඟ ස්ථාන කිහිපයක පවුල් 06 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසුවේ.
ඌවකැලේවත්තේ , වෙල්ලිකැලේ කොටසට පිවිසෙන මාර්ගයේ නායයෑම සක්‍රිය වී ඇති බව ද ඒ මහතා සඳහන් කළා.