ලුණුගම්වෙහෙර පොලිස් වසමේ කුඩා ගම්මාන ප්රදේශයේදි ඊයේ (16) රාත්රී 9.30ට පමණ සිදුවු වෙඩි තැබිමකින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කොට ඇත.
ඔවුහු වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට මුලික රෝහලට ඇතුලත් කොට ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ අවු 27 ක්වු ඇල්ලගල ,තිස්සමහාරාමය ප්රදේශයේ පදිංචි හිත්තැටිය ගමගේ ලක්ෂාන් ප්රසාද් යන අයවේ.
තුවාල ලැබුවන් අවු 28 හා 39 යන වයස් වල පසුවන ලුණුගම්වෙහෙර හා පන්නේගමුව යන ප්රදේශවල පදිංචිකරුවන්ය.
දෙපිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යාමෙන් මෙම වෙඩි තැබිම සිදු වි ඇති බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.