දුම්රිය වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන පීඩාව අවම කිරීම සඳහා ලංගම බස් රථ හය දහසක් අද දිනයේ සේවයට එක්කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය බලාපොරොත්තු වන බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කරයි.
රැකියා සඳහා කොළඹට පැමිණි පිරිස් හට නැවත පස්වරුවේ නිවස් බලා යෑමට අවශ්‍ය පහසුකම් සැපයීමට අතිරේක ලංගම බස් රථ 100ක් අද පස්වරු 3.00 සිට ධාවනයට යොමු කරන බවද ඔහු සඳහන් කරයි. මේ සඳහා යුද හමුදාවේද සහය හිමිවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන දුෂ්කරතා මගහරවා ගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු / කොන්දොස්තර හා කාර්මික අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද සඳහන් වේ.