ඇඳිරි නීතිය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමට සේවය සඳහා පැමිණෙන ලංගම බස් රථවල සියලුම කොන්දොස්තර හා රියැදුරු මහත්වරුන් උදෙසා තවදුරටත් සෞඛ්‍යාරක්ෂණ පහසුකම් නැංවීමට පියවර ගන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙනු ලැබීය.
අද දින පෙරවරුවේ (28) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ඇඳිරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධව සාකච්ඡාවක් පැවැතිනි.
එහිදී දැනට සේවය සඳහා වාර්තා කරන ලංගම රියැදුරු හා කොන්දොස්තරවරුන් සේවා සැපයීමේ දී කොවිඩ් 19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා එම පිරිසටත් බරපතල ගැටලු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඔවුන් බරපතල අභියෝගයක් බාරගනිමින් සේවාවන්ට වාර්තා කරන නිසා එම පිරිසට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ වගකීමක් බව කී අමාත්‍යවරයා බස් රථ තුළ ඔවුන්ට ලබාදිය හැකි සනීපාරක්ෂක පහසුකම් නංවාලීමට පියවර ගන්නැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව බස් රියැදුරු හා කොන්දොස්තරවරුන්ට අවශ්‍ය මුව ආවරණ, අත්වැසුම් මෙන්ම අත්සේදුම් විෂබීජානුහරණ ද්‍රව්‍ය සැපයීමට ද තීරණය කරනු ලැබීය.
ඒමෙන්ම බරපතල අභියෝගයක් මැද කටයුතු කරන බස් රථ හා කොන්දොස්තර වරුන්ගේ සේවය ඇගයීම සඳහා ද පියවර ගන්නා ලෙස ද, හැකි නම් ඔවුන්ට අමතර දීමනාවක් ද ලබා දීමට අවශ්‍ය කටයුතු සලසන්නැයි අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
දැනට ඇතැම් ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය නොකරන බැවින් එම පුද්ගලික බස් රථ සංගම් සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර හා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී පවතින අභියෝග සම්බන්ධව හෙට (29) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී කියා සිටියේය.