කොළඹ සිට බදුල්ල ලංගම බස්රථයකින් හෙරොයින් රැගෙන විත් බදුල්ලේ දි ජාවාරකරුවන් ට බෙදාහැරීමේ ජාවාරමක නියුතු වූ බව කියන ලංගම බදුල්ල ඩිපෝවේ කොන්දොස්තරවරයෙක් ඊයේ (7) දා සවස බදුල්ල හිදගොඩ පිහිටි ලංගම ඩිපෝ අසලදී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිසා පොලිස් විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .
ඊට අමතරව ඔහුගෙන් හෙරොයින් ලබාගත් ජාවාරම්කරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි .
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24,26,27 සහ 29 වයස් කාන්ඩවලට අයත් විනීතගම, බදුල්ල සමගිපුර, මැටිගහතැන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 525ක් සොයාගත් බවද පොලීසිය සඳහන්කරයි .
බදුල්ල - පාලිත ආරියවංශ