ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 2017/ මාර්තු වන විට 24000ක් බවත් 2015 වන විටත් එහි සේවක සංඛ්‍යාව 36000ක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ කෝප් කමිටු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම ලංගම බස් රථ 143ක් පෞද්ගලික සමාගමකට අලුත්වැඩියා කිරීමකට ලබාදුන්නත් එම බස් රථ ආපසු ලංගමයට ලබාදී නොමැති බවත් ඔහු සඳහන් කළේය.