Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 06 වන සඳුදා
2025 ජනවාරි මස 06 වන සඳුදා
1.05 PM ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජනබලය කොළඹට විරෝධතාව සඳහා එක්වූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මිය යෑමට හේතුව හෘදයාබාධයක් බවද සඳහන්ය.
මේ අතර තවත් පුදගලයන් 16ක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ. එයින් 8 දෙනෙක් ලබාදුන් කිරිපැකට්ටුවක් විෂ වීමෙන් රෝහල් ගත වී ඇති අතර තවත් අට දෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඒකාබද්ධය ඊයේ දිනයේදී සිය රෝගීන් ප්‍රවාහය කිරීමට සුවසැරිය ගිලන් රථ සේවයද භාවිත කර ඇති බවයි.
5.24 AM ජනබලය කොළඹට විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පෙ.ව. 5.00 පමණ වන විට ලේක් හවුස් වටරවුමෙන් ඉවත්ව ගොස් තිබුණි. ඒ අනුව එම ප්‍රදේශය ජන ශුන්‍ය කලාපයක් බවට පත්විය. කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයේ තිබූ කැළි කසළ ඉවත් කිරිමට සහාය දුන්නේය.
1.15 AM ජනබලය විරෝධයට එක්වූ පිරිස් ලේක් හවුස් වටරවුමෙන් ඉවත් යමින් සිටියි.(ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ)
10.46 PM නාමල් රාජපක්ෂ මහතා මෙහෙයවූ පළමු සටන අසාර්ථක වූ බව රාජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මේ අය ආණ්ඩුවේ මර්මස්ථාන පහක් වටකරන්න හැදුවා. නමුත් දවල් වෙනකොට ජන සහභාගිත්වය මදි නිසා ජනතාව ලේක්හවුස් වටරවුම තෝරා ගත්තා. ලේක්හවුස් වටරවුමට පන්හයදාහක් දාපුවාම පාරවල් වැහෙනවා. ආණ්ඩුව අරගෙන යන්න තව කාලාන්තරයක් ඉන්න වෙයි. මේකෙ නායකයන් ටාජ්, හිල්ටන් හා ෂැංග්‍රිලා හෝටල් වෙන්කර ගෙන තියෙනවා. ජනතාව ලේක්හවුස් වටරවුමේ පාරේ නිදාගෙන රජවරු නිර්මාණය කරන්න පාරේ ගත කරනවා.
මේ නාමල් කුමාරයා තමන් මෙහෙයවපු පළමු අරගලය. ඒක උපන්ගෙයිම අසාර්ථක සටනක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇවිල්ලා ගියා. තව අවුරුදු 15කින් 20කින් පිපෙන්න තිබුණු නාමල පරවෙලා ගියා” යැයි ප්‍රකාශ කළේය.
10.32 PM ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ පැවැත්වූ ජනබලය විරෝධය අසාර්ථක ව්‍යාපෘතියක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ජනබලය අසාර්ථක මෙහෙයුමක් බවට පත්වුණා. මේ අය කිව්වේ රජය වට්ටනවා කියලයි. රජය වැට්ටුවද? දැන් අරමුණ කිවවා ප්‍රතිඵලය කුමක්ද? කොලඹ ජීවත්වුණ ජනතාවට තමයි පිඩනයක් ඇතිවුණේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිව්වා ලක්ෂ 10ක ජනතාවක් ගේනවා කිව්වා, සමහරු කිව්වා ලක්ෂ 2ක් ගේනවා කිව්වා. ලක්ෂයක්වත් නෑ. ඉන් අඩක්වත් නෑ.
එහි ප්රවෘත්ති දිහා බලලා ජනතාව පීඩාවට පත්වුණා.දරුවන් පාසල්වලට ගෙනියන්න බැරිවුණා. සමහරු තමන්ගේ ආයතනවලට ආවේ නෑ. රජයේ දෙපාර්තමේන්තුවල වැඩට ආවේ නෑ. බදාදා මහජන දිනයක්. ජනතාවට තමන්ගේ ප්‍රශ්ණ කියන්න අවස්ථාවක් නෑ. මේකෙන් රජය පීඩාවට පත්වුණේ නෑ.
මේක පොහොට්ටුව ඇතුළේ ඊළග නායකත්වය තහවුරු කර ගන්න කරපු ව්‍යාපාරයක්. පොහොට්ටුවේ තියෙන නායකත්ව ප්‍රශ්ණ උඩ ඉදිරි නායක්තවය හදාගන්න කරපු දෙයක්. ජනතාවට බොන්න දීලා, බස්වලට කෝටි ගණනක් දීලා ජනාතව කොළඹට ගෙනල්ලා ජනතාවට සෙතක් වුණාද? ආණ්ඩුවට බලපෑමක් වුණාද? රජය වැටුණද? නෑ. අසාර්ථක ව්‍යාපාරයක්. හෙට උදේ රජයක් බිහිවෙනකම් බලාගෙන ඉන්නවා”
9.52 PM ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සඳහා සම්බන්ධවීමට පැමිණි පිරිස් අතරින් බොහෝමයක් නැවත ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ. ජනතාව රඳවා ගැනීම වෙනුවෙන් විවිධ අංග ඒකාබද්ධ විපක්ෂය විසින් ලේක් හවුස් වටරවුම ආසන්නයේ සිට සංවිධානය කර තිබුණත් ජනතාව එයද නොතකමින් ඉවත් යන බව වාර්තා වෙයි.
08.47 PM වැඩිකල් නොගොස් ආණ්ඩුව පෙරළන බවත් ආණ්ඩුව විවිධ ක්‍රම වලින් ජනතාව පීඩාවට පත්කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඒ ජනබලය කොළඹට විරෝධතාවට එක්වෙමිනි.
"ඉතාම සාර්ථක රැලියක් පැවැත්වුවා. අපි අලුයම දක්වා මෙතැන රැඳී සිටිනවා. ආණ්ඩුව විවිධ ක්‍රමවලින් ජනතාව පීඩාවට පත්කරන නිසා ජනතාව සියලු දෙනාට රිදිලා තිබෙනවා. රට බෙදන්න ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා. බදු අයකරමින් විශාල පීඩනයකට ලක්කර තිබෙනවා.
ඒ නිසා අපට විශාල වගකීමක් තිබෙනවා මැතිවරණයන් ලබා ගන්න. රටේ ප්රජාතන්ත්රවාදයක් නැහැ. මැතිවරණ තියන්නේ නැහැ. ඒකාධිපතිවාදයකට රට ගෙනියනවා. පළාත් සභා මැතිවරණය කල්දමලා. පාර්ලිමේන්තුවේ අපට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.
70 වඩා 06යි, 16 ලොකු වෙලා. අපට විපක්ෂයේ වගකීම් ඉටු කරන්න දෙන්නේ නැති නිසා තමයි අද පාරට බැස්සේ. යුද්ධය අවසන් කර මිනිසුන්ට හුස්ම ගන්න අවස්ථාව ලබා දුන්නා.
ජනාධිපතිට, අගමැතිට යාපනයට ගිහින් මට බණින්න අවස්ථාන දුන්නේ මහින්ද රාජපක්ෂ තමයි. එයට විරුද්ධව අපගේ ගමනේ පළමු පියවර තමයි මේ සත්‍යග්‍රහය. මැතිවරණයක් ලබා ගැනීම අපේ යුතුකමක්. වැඩිකල් නොගොස් මේ ආණ්ඩුව පෙරළා දමනවා. ජනතාව එකතු වේවී කියලා හිතනවා" යනුවෙනි.
8.29 PM ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවට සාපෙක්ෂව පන්දම් දැල්වීම මිට ටික වේලාවකට පෙර සිදුවිය. විරෝධතාවට එක්වූ පිරිස ක්‍රමයෙන් පිටත්ව යමින් සිටින බව වාර්තා වෙයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ විරෝධතාවට සම්බන්ධ වී සිටි ජනතාව ඇමතීය.
7.01 PM ජනබලය කොළඹට විරෝධයේ තවත් ඡායාරූප (ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු/ශමීර රාජපක්ෂ)
6.24 PM ජනබලය කොළඹට විරෝධයට එක්ව සිටි ජනතාවගෙන් පිරිසක් තැබෑරුම් අසළ සිටි අයුරු අද කැමරාවේ මෙසේ සටහන් විය.
6.19 PM ජනපති, අගමැති හා පොලිස්පති කොළඹින් පිටවීමට කටයුතු කරන්නේ නම් එ් සඳහා විරෝධතාකරුවන්ගෙන් අවසර ගත යුතු බව ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
" ජනපති අගමැති හා පොලිස්පති කොළඹින් පිටවෙනවානම් අපෙන් අවසර ගන්න ඕන. කොළඹ තියෙන්නේ අපේ අතේ."
6.02 PM පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනබලය කොළඹට විරෝධතාවට සමගාමීව පැවැත්වෙන සත්‍යග්‍රහය ආරම්භ කළේය. ලේක් හවුස් වටරවුම ආසන්නයේ මාර්ගයක වාඩිවෙමින් ඔහු මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබීය.
5.43 PM ජනබලය නව ඡායාරූප
4.43 PM ජනබලය විරෝධතාවට එක්වූ කලාකරුවන්
4.40 PM නව ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
4.26 PM ජනබලය කොළඹට විරෝධතාව සඳහා එක්ව සිටි පළමු කාණ්ඩය ලෙක් හවුස් වටරවුමට පැමිණ තිබේ. මේ වන විට ක්‍රමයෙන් විරෝධතාකරුවන් ලේක් හවුස් වටරවුමට පැමිණෙමින් සිටියි.
4.16 PM ජනබලය විරෝධතාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ කෙටුව බෝගහ ආසන්නයෙන් පෙළපාළියට එක්විය. මේ වන විට කොළඹ කොටුවේ රථ වාහන ගමනය ඇණ හිට තිබේ.
කොළඹ කොටුව මීට සුළු මොහොතකට පෙර
3.59 PM යූනියන් පෙදෙස
3.44 PM කොළඹට එන විරෝධතාකරුවන්ට නිදහස දෙන බවත් ඔවුන්ව කොළඹට පැමිණීම වැළැක්වීමට කටයුතු නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මෙ බව දැක්වෙන අතර ඔහු වැඩිදුරටත් පවසන්නේ විරෝධතාව හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බාධාවක් ඇති නොවිය යුතු බවයි.
3.33 PM ඔඩෙල් වටරවුම ත්ත්පර කිහිපයකට පෙර
3.29 PM ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන 'ජනබලය' උද්ඝෝෂණය ලිප්ටන් වටරවුම, පිටකොටුව බෝධිය සහ ලේක්හවුස් වටරවුම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ.
ඒ සඳහා බොරැල්ල, විහාරමහාදේවී උද්‍යානය, ටෙක්නිකල් හන්දිය, සුගතදාස ක්‍රීඩාංගණය, නවලෝක රෝහල යන ස්ථාන ඔස්සේ උද්ඝෝෂකයන් පැමිණිමට නියමිතය.
පාසල් ළමයින් කොළඹ නගරයෙන් බැහැර වූ පසුව සවස තුනට පමණ විරෝධතා පාගමන් ආරම්භ කිරීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සවස 5.00ට පමණ ලේක්හවුස් වටරවුමට එක්වන බවද ඔවුහු සඳහන් කරති.
මේ වන විට දුර පළාත්වල ජනතාව ප්‍රධාන මාර්ග ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිටින අතර කොළඹ, ගම්පහ, කළුතර, පොළොන්නරුව, මහනුවර, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පොදුජන පෙරමුණ සාමාජිකයන් කොළඹ නගරයට ආසන්නයේ මාර්ග අවට රැඳී සිටින ආකාරය නිරීක්ෂණය විය.
පොලිස් කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තු පාර ඇතුළු ප්‍රධාන රජයේ ප්‍රධාන මර්මස්ථාන අවට රැඳී සිටියි.
ඡායාරූප ඉසුරු පෙරේරා / ඒෂාන් ප්‍රනාන්දු
3.10 PM ජනබලය කොළඹට රැළියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ මේ වන විට ආණ්ඩුව බොහෝ සෙයින් කලබල වී ඇති බවයි. ඉක්මනින් ජාතික මැතිවරණයක් අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
“ආණ්ඩුව හොඳටම කලබල වෙලා මුළු ලංකාවේම පොලීසිවල අය කොළඹට ගෙනල්ලා. මොන කරදර ආවත් අද හසවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට එනවා. තව ටික වේලාවකින් පක්ෂ නායකයන් එක්වෙනවා. තාම යන තැනක් පිළිබඳව තීන්දුවක් අරගෙන නෑ. මම වේදිකාව නිර්මාණය කළා. ආණ්ඩුවෙන් බැටකාපු සියලු දෙනා වෙනුවෙන් සංවිධානය කළ වේදිකාවක්.
ආණ්ඩුව හිතාගෙන ඉන්නේ කයිවාරු ගැහුවම, බොරු කිව්වාම රටේ ජනතාව රැවටෙයි කියලයි. අපි ආණ්ඩුවට කියන්නේ ජනබලය කොළඹට එන්නෙ ඇයි කියන හේතුව ඔබතුමාලා තේරුම් ගන්න. කරුණාකර මේ අස්ථාවර ආණ්ඩුව විසුරුවලා ස්ථාවර ආණ්ඩුවක් සකස්කර ගන්න ජාතික මැතිවරණයකට යන්න.”
3.01 PM කොළඹ නගරයේ මාර්ග කිහිපයකම ජනතාව නොමැති තත්ත්වයක් දක්නට ලැබේ. මේ වන විට කාර්යාල සේවකයන් කොළඹින් පිටත්ව ගොස් ඇත. ප්‍රධාන රැළිය පැවැත්වෙන ලේක් හවුස් වටරමුව ප්‍ර දේශයද ජන ශුන්‍ය කලාපයක් බවට පත්ව ඇත.
2.35 PM හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනබලය විරෝධතාවට එක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ තිබෙ.
2.07 PM ජනබලයට එන ගමන් (ඔබගේ සෙල්ෆි ඡායාරූපත් යොමුකරන්න Viber/Whats App - 0714514345 /FB -https://www.facebook.com/ada.daily/ )
2.00 PM ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්විමක් මේ වන විට පැවැත්වෙයි. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙයි.
1.55 PM ජනබලය විරෝධතාවට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ජංගම මුර සංචාර, යතුරු පැදි සංචාර ආදිය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ක්‍රියාත්මක කරයි.
1.42 PM ජනබලය කොළඹට විරෝධයට ජනතාව ක්‍රමයෙන් කොළඹට පැමිණෙන විට කොළඹ ස්ථාන කිහිපයක රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
මේ අනුව ලේක් හවුස් වටරවුමේ සිට කොළඹ කොටුවට පිවිසෙන මාර්ගය (හිල්ටන් හෝටලය ඉදිරිපිටින්) හා පැරණි ඕලන්ද රෝහල පසුපස මාර්ගයේ මෙසේ රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
1.22 PM ජනබලය කොළඹට විරෝධතාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කොටුව බෝගහ ආසන්නයෙන් එක්වීමට නියමිතය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එම ස්ථානයෙන්ම විරොධතාවට සම්බන්ධවීමට නියමිත බව වාර්තා වෙයි. සංවිධායකයන් විසින් ඒ ඒ දිස්ත්‍රික්වලින් පැමිණෙන ජනතාව වෙනුවෙන් ඒ ඒ මාර්ග වෙන්කර දී තිබේ.
1.09 PM ජනබලය කොළඹට විරෝධතාවට එක්වීම සඳහා පැමිණෙන ජනතාව.
12.37 PM ජනබලය කොළඹට විරෝධයේ අවසන් රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. විරෝධතාවට එක්වීම සඳහා ජනතාව මේ වන විට කොළඹට පැමිණෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
12.27 PM ඒකාබද්ධ විපක්ෂය අද කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. එසේම විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට පවසයි.
12.16 PM ජනබලය කොළඹට විරෝධතාව සම්බන්ධයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය හා නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.
ආරක්ෂිත හා එලදායි විරෝධතාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය සමග මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් විරෝධතාව තවත් පැය කිහිපයකින් ආරම්භ කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.
11.03 AM ජනබලය කොළඹට විරෝධතාව සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතී. නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවෙදනය කරන්නේ ඒ පිළිබඳව වෘත්තීය සමිති නායකයින් දැනුවත් කිරීම මේ වන විට සිදුවන බවයි.
සබැඳි පුවත්
ජනබලය කොළඹට විරෝධය පවත්වන ස්ථානය ගැන තීරණයක් තවම නෑ
ජනබලයට ආපු බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්
ජනබලයට එන අයට රජයෙන් බාධා - නාමල්
popular news
Ruwan Wednesday, 05 September 2018 11:27 AM
නොදියුණු ලෝකයක නොදියුණු මිනිසුන් කොට්ටාශයක් අරක්කු ටිකට, බත් පැකට් එකට, රුපියල් 1000 කට විඳින වහල් ජිවිතයක් මිස මෙහි කිසිම හරයක් නොමැත. අවසානයේදී හොඳට පාඩම් වූ පිරිසක් ගෙදරගොස් තම පවුලට මොනවා කියන්නද. වහල් නුගත් පරම්පරාවක් මොවුන්ට අවශ්‍යයි ඔවුන්ගේ පැවැත්මට.
Reply : 0 173
DILSHAN Wednesday, 05 September 2018 04:21 PM
කියක් දුන්නද දන්නේ නෑ කට්ටියට . ඔක්කම හොරු . අලුත් කෙනෙක් ජනාදිපති වෙන්න ඕන , හොරු නැති අලුත් පාර්ලිමේන්ට් එකක් එන්න ඕන. මන් නං කියන්නේ සංගක්කාර 2020 ජනාධිපති උනා නං ලොකු වෙනසක් දකින්න පුළුවන් . හොර නැති බොරු නැති පොරක් සංගා. අනික හොදට ඉගනගෙනත් තියේ.
Reply : 0 69
DILSHAN Wednesday, 05 September 2018 04:21 PM
කියක් දුන්නද දන්නේ නෑ කට්ටියට . ඔක්කම හොරු . අලුත් කෙනෙක් ජනාදිපති වෙන්න ඕන , හොරු නැති අලුත් පාර්ලිමේන්ට් එකක් එන්න ඕන. මන් නං කියන්නේ සංගක්කාර 2020 ජනාධිපති උනා නං ලොකු වෙනසක් දකින්න පුළුවන් . හොර නැති බොරු නැති පොරක් සංගා. අනික හොදට ඉගනගෙනත් තියේ.
Reply : 0 2
clement weerasooriya Wednesday, 05 September 2018 07:36 PM
" ජනපති අගමැති හා පොලිස්පති කොළඹින් පිටවෙනවානම් අපෙන් අවසර ගන්න ඕන. කොළඹ තියෙන්නේ අපේ අතේ."--- "එහෙමද ආස" මේක ජන බලය නෙමෙඉ පොලිස් බලය
Reply : 0 13
Don Thursday, 06 September 2018 09:01 AM
It looks like a street party of Alcoholics Not a protest march
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd