නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබඳව ලැබුන වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23දා) දින පැවසිය .
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ මානව සම්පත් හා ගිණුම් ඒකකයේ සේවය කරනු ලබන සේවකයින් 9 දෙනෙකු හදිසියේ උණ හා උගුරු අමාරුව යන රෝග ලක්ෂණ මතු වි පුත්තලම මුලික රෝහලේ විශේෂ කොරෝනා ඒකකයට 22 දින ඇතුලත් කර තිබුණි.
එහිදි අදාල පිරිසගෙන් පි.සි.ආර්.පරික්ෂණ සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.
එම පරික්ෂණ වාර්තා අදඋදෑසන පුත්තලම මුලික රෝහලට ලැබි තිබුණි. කෙසේ වෙතත් මෙම තත්ත්වයත් සමග ලක් විජය බලාගාරයට 22 දින සේවයට පැමිණ සිටි 600 කට ආසන්න සේවක පිරිස ආපසු නිවෙස් වෙත යාම සම්පුර් ණයෙන් නවතා තිබු අතර ඔවුන් ආරක්ෂිත ලෙස නේවසිකාගාර තුළ රැදවිමට ලක් විජය බලාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබුණි.
මේ පිළිබදව කල විමසිමේදි නොරෝච්චෝල ලක් විජය බලාගාර කළමණාකාර ඉංජීනේරු ඉංජීනේරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා සිටියේ මෙවැන්නකී.
“ පරික්ෂණ වලට යොමු කළ කිසිවකු කොරෝනා රෝගින් නොවන බවට වෛද්‍ය වාර් තා මගින් සනාථ වි තිබේනවා .නමුත් කිසිම අයුරකින් මේ සිද්ධිය මුල් කරගෙන බලාගාරය තුළ විදුලි නිෂ්පාදනය අඩාල විමක් සිදුවුයේ නැහැ .22 දින සේවයට පැමිනි 600 කට ආසන්න පිරිස් නැවත අද දවසේ රාජකාරි අවසන් විමත් සමග නිවෙස් වෙත යැවිමට කටයුතු සලසනවා"