මගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වීය ගුවන් සේවා ගිවිසුමකට එළඹීමට රජයේ අවධානය යොමුව තිබේ. මෙම ගිවිසුමට එළඹීමට අදාළව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.