2021 දෙසැම්බර් වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අරමුදල් භාවිතයෙන් ශ්‍රී ලංකා රජය එන්නත් මාත්‍රා මිලියන 5ක් ලබාගැනීමට නියමිතව ඇති බව ලෝක බැංකව පවසයි.
කොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ ෆයිසර් එන්නත් පළමු තොගය අද (05දා) කොළඹට ළඟාවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක බැංකුව, මෙම පළමු කාණ්ඩයට අයත් එන්නත් මාත්‍රා 800,000ක් ඉදිරි සති කිහිපය තුළදී ලැබීමට නියමිත බවද කියයි.
ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ආරක්ෂිත හා ඵලදායී එන්නත්කරණය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට ශ්‍රී ලංකා රජය සහ එහි පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධ වැඩකටයුතු මෙම පළමු එන්නත් තොගය ලබාදීම මගින් සංඛේතවත් වන බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් එච්. හදාද් -සර්වෝස් පැවසීය. එසේම තවත් එන්නත් වර්ග ගණනාවක් පිළිබඳ ඇගයීම් කරමින් සිටින බැවින්, වසර අවසානයේදී ඒවාද හඳුන්වාදෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.