සැප්තැම්බර් 27 දා පාකිස්තානයේදී ආරම්භවිමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේ ආරක්ෂක තත්ත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තක්සේරු කිරීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම තරගාවලියේදී පාකිස්තන රජය ක්‍රියාත්මක කරන ආරක්ෂක සැලැස්ම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමුකිරීමට නියමිතය. ඉන් අනතුරුව තරගාවලිය වෙනුවෙන් විනිසුරන් හා තරග තීරකයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.
එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සමන්විත වෙයි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් 10ක් එක්නොවීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින කණ්ඩායම ළහිරු තිරිමාන්න විසිනුත් විස්සයි20 කණ්ඩායම දසුන් ශානක විසිනුත් නම් කිරීමට නියමිතය.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරග පැවැත්වීමට ගැටලුවකට පත්විය. අවසන්වරට පකිස්තානයේදී ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වුණේ 2015 දී සිම්බාබ්වේ කණ්ඩායමට සමගිනි.