ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබේ.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුව අද (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවට ලක් විය.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි. ජනාධිපතිවරයාගේ පසුගිය ජපාන රාජ්‍ය සංචාරයේ දී ඇතිකරගත් එකඟතා කි‍්‍රයාවට නැංවීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ද වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සිය දෙදින සංචාරය තුළදී හම්බන්තොට සහ ති‍්‍රකුණාමල වරායන්හි ද සංචාරය කිරීමට නියමිතය.