කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය මේ වනවිට ආසාදිතයන් 2,470,410ක් දක්වා වර්ධනය වෙමින් ලෝක ජනගහනයෙන් ලක්ෂ 25ක් වෛරසයේ ග්‍රහණයට නතු කරගෙන තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති ජීවිත හානි 169,595කි.
එමෙන්ම වෛරසය ආසාදිතව රෝහල්ගත වී පසුව සම්පූර්ණ සුවය ලැබූවන්ගේ ගණන 645,335ක් බවද එම දත්ත පෙන්වා දෙයි.
අප්‍රේල් 19 වැනි ඉරිදා ලොව පුරා වෛරසය ආසාදිතයන්ගේ වැඩිවීම 83,000 ඉක්මවා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.