කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස වසංගතය මැඬපැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට තමන් කැපවී සිටින බව G20 රාජ්‍ය නායකයෝ පවසති.
යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් ප්රමුඛ G20 කණ්ඩායමේ රාජ්‍ය නායකයන් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් වීඩියෝ ඇමතුමක් ලෙස අද (26දා) විශේෂ G20 සමුළුවකට සහභාගී විය.
සෞදි අරාබිය සත්කාරකත්වය දරමින් පැවැත්වූ මෙම තත්‍යකාලීන සමුළුව අවසානයේදී G20 නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ඔවුන් මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට, මිනිසුන්ගේ රැකියා ආරක්ෂා කිරීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට උත්සාහයක් නොගෙන අත් නොහරින බවයි.
එමෙන්ම ගෝලීය ආර්ථිකයට මේ අවස්ථාවේදී ඇ.ඩොලර් ට්‍රිලියන 5 කට වැඩි ප්‍රමාණයක් පොම්ප කිරීමට G20 සාමාජිකයන් කැපවී සිටින බව ලෝක නායකයෝ ප්‍රකාශ කළහ. එමෙන්ම විවිධ රටවල මහ බැංකු, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් ගනු ලබන සුවිශේෂී ක්‍රියාමාර්ග සඳහා ඔවුන් සහාය දක්වන බව කියා සිටියේය.
මෙම නිවේදනය මගින් G20 විසින් ගනු ලබන නව හෝ නිශ්චිත ක්‍රියාමාර්ග කිසිවක් ගෙනහැර දක්වා නැති නමුත් නායකයින් පැවසුවේ 'ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සහ අවශ්‍ය විය හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට' නායකයන් සූදානම් බවයි.